පොහොට්ටුව තුනට කැඩිලා : සාගරත් තුට්ටුවට වැටිලා !

පොහොට්ටුව තුනට කැඩිලා : සාගරත් තුට්ටුවට වැටිලා !

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට ‘තුනට කැඩීල'....

පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ගේ කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ ගේ කණ්ඩායම කියල පැහැදිලිව කණ්ඩායම් 02ක් හැදිලා ලු.. ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිස වෙනම කණ්ඩායමක් විදියට ලු වැඩ කරන්නේ..

සාගර කාරියවසම් ගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙක් විතර ඉන්නවා ලු.. ඒ කට්ටිය ම ට්‍රයි එක දෙන්නේ, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මොන විදියට හරි ආයෙත් බලයට ගෙන්න ලු..

මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත්, පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ එක්ව කටයුතු කරන බව වාර්තා වෙනවා..

ඔය කියන අනිත් කණ්ඩායම , සිනියස්ලගේ කණ්ඩායම.. මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹීලා. ඒ විතරක් නෙමෙයි , රොෂාන් රණසිංහ, කාංචන විජේසේකර, දුමින්ද දිසානායක ඉන්නෙත් මේ ගෘප් එකේ ලු..

මේ සෙට් එක ඉස්සරහදී, ජනාධිපතිත් එක්ක එකට ගමනක් යන්න තමයි ලු වැඩි ඉඩක් තියන්නේ.. මොකද මෙයාලට බැසිල් වගේම සජිත්වත් පේන්න බැරි ලු..

පොහොට්ටුව ඇතුලේ තියන ගැටුම, දවසින් දවස උත්සන්න වෙන පාටක් තමයි තියෙන්නේ . පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ට ඒ පක්ෂය තුළ බරපතල විරෝධයක් තියනවා ලු..

ආසන්න අවස්ථා දෙකක දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනක් සාගර කාරියවසම්ට ගහන්නත් ගියා ලු..

අරන්චියේ විදියට විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා තමයි ලු, සාගරට ගහන්න කඩන් පැන්නා කියන්නේ..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තමයි ලු , මැදිහත්වෙලා, තත්ත්වය සමනය කරලා තියෙන්නේ ..

ඒ විතරක් නෙමෙයි, විසි දෙවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ඡන්ද විමසීම තිබුන දවසේ පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ත් , ඔහුට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරල. ''ලේකම් කියා නොබලා උස්සලා පොළවේ ගහන්නේ ..'' වගේ ටෝක් එකකින් මහින්දානද ලොකුවටම සද්දයක් දාලා.

පොහොට්ටුවේ කට්ටිය දෙකට තුනට බෙදිලා, ඔහොම ගහමරා ගනිද්දී , උදයටයි , වාසුදේවටයි , තමන්ටයි ඇමැති ධුර අරන්, ආණ්ඩුවට එන්න කියල, රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා නිතර නිතර කතා කරනවා කියල විමල් වීරවංශ කියනවා.. විමල් එහෙම කතාවක් කිව්වේ, උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුවේදී .

හැබැයි " වෙන මොකුත්ම නැත්නම් ඇමති ධූර කිහිපයක් හරි දීලා ගන්න වටිනම මරු බඩු තුන" කියලා තමයි සෝෂල් මීඩියා වල ඒ කතා වලට කමෙන්ට් වැටිලා තිබුණේ .

දේශපාලන වාර්තාකරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.