ලිට්‍රෝ ගෑස් : භාණ්ඩාගාරයේ ණයත් ගෙවලා මිලත් අඩු කරයි !

ලිට්‍රෝ ගෑස් : භාණ්ඩාගාරයේ ණයත් ගෙවලා මිලත් අඩු කරයි !

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලිට්‍රෝ සමාගම පසුගිය සැප්තැම්බර් මස රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සමාගම රුපියල් කෝටි 1,400 ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ලිට්‍රෝ ගෑස් මිල නොවැම්බර් මාසයේදී ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බවය.

ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5 වැනිදා බව පවසා ඇති ඔහු එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න