ඩයනා ලංකාවට ඩිස්නිලන්තයක් ගේන්න යයි !

ඩයනා ලංකාවට ඩිස්නිලන්තයක් ගේන්න යයි !

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඩිස්නිලන්ඩ් නිලධාරීන් කණ්ඩායමක් සමඟ ලබන මාසයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොටදී විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේදී ඩිස්නිලන්තයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී ඇත.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් විවෘත කිරීම සඳහා ඩිස්නිලන්තයේ නිලධාරීන් තමන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

වෝල්ට් ඩිස්නිගේ ආරාධනයකට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 18 ක ආයෝජනය සඳහා සැලසුම් සාකච්ඡා කිරීමට ඩයනා ගමගේ අමාත්‍යවරිය ළඟදීම එක්සත් ජනපදයට යෑමට නියමිත බවද වාර්තාවේ.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට හසුව සිටින ශ්‍රී ලංකාව, හම්බන්තොට ඩිස්නිලන්තය සැබවින්ම විවෘත කළහොත් එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රබෝධයක් ලැබෙනු ඇත.

-දිනමිණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න