මධ්‍යම පළාතේ ජෛව විවිධත්වය සහ සංස්කෘතික වටිනාකම් සහිත ස්ථාන කිහිපයක් සංචාරක ආකර්ෂණීය සහිත ස්ථාන වශයෙන් නම් කර එහි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සභාව සැලසුම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ සංචාරක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මිනිපේ, පන්විල, උඩුදුම්බර, මැදදුම්බර, දඹුල්ල, අඹගමුව, නෝර්වුඩ්, ලග්ගල - පල්ලේගම සහ මස්කෙළිය යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පවතින සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ මේ සඳහා නිර්දේශ වී තිබේ. මෙම කලාපවල සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම මේ තුළින් අපේක්ෂා කරන අතර පළාත් පාලන ආයතනවල දායකත්වය මත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මේ යටතේ සැලසුම් කර ඇත.
ඒ අනුව එම ප්‍රදේශ සම්බන්ධ කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඉකුත්දා පැවැත්විණි.


පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. එච්. එම්. සඳමාලි හේවගේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ජාතික වැඩසටහන් කළමනාකරු අශෝක අජන්ත ඇතුළු නිලධාරී පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
