ආපදාවලදී මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නවලදීත් රටේ සංවර්ධන ව්‍යාපෘති වැනි කටයුතුවලදී විදෙස් අතහිත ලැබෙන විට එය දරාගත නොහැකි පිරිස් ආණ්ඩුව රට සුද්දට විකුණන බවට, රට පාවාදෙන බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කළත් එවැන්නක් කොහෙත්ම සිදුනොවන බව අධිකරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කරයි.
එසේම විවිධ ජාතීන් එක්ව එකට ජීවත් වෙන රටක කිසි අයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරිය අවධාරණය කර සිටියි.
අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, 2017 මැයි 21 දින රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිබත්ගල කන්ද නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 120ක් තාවකාලික නිවාසවල පදිංචි කර එම ස්ථානයේම ස්ථිර නිවාස ලබාදීමේ වැඩසටහනට දෑල, කම්බගල, කුකුළුගල ප‍්‍රදේශයේදී එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ විදෙස් රටවල් විවිධ ක්ෂේත්‍ර හරහා මෙරටට උපකාර කරන විට ඔවුන් පිළිබඳ වැරදි චිත්‍රයක් මැවීමට ඇතැමුන් කටයුතු කරන නමුත් කියන තරම් යකා කළු නැතිබව ඒ පාර්ශව වලට සිහිපත් කළ යුතු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
”දිස්ති‍්‍රක් ලේකම්තුමියටත් ආපදා අවස්ථාවේ මේ ප‍්‍රදේශයට ලංවෙන්න අමාරු වුණා. ඒ අවස්ථාවේ අවශ්‍ය පහසුකම් සලසන්න හැකි උපරිමයෙන් කටයුතු කළා. ඒ අවස්ථාවේ රටේ පාලන අධිකාරිය, දිස්ති‍්‍රක් ලේකම්තුමිය ඇතුළු රජයේ නිළධාරීන් කැපවෙලා උපරිමයෙන් කටයුතු කළා. අඩුපාඩු සිද්ධ වුණා. එක විටම පළාත් අටක ආපදා තත්ත්වයක් ඇතිවුණා. ජනාධිපතිතුමා මේ රටේ හිටියේ නැතිවුණාට අවශ්‍ය දේවල් කරන්න උපදෙස් දුන්නා. අගමැතිතුමා කිව්වේ කිසිම කෙනෙක් බඩගින්නේ තියන්න එපා කියලා. සතොස එක්ක කතාකරලා වියලි සලාක ලබාදෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා අපිට උපදෙස් දුන්නා.
විපතට පත්වුණු අය පිළිබඳව ශෝක වුනත් ඒ මොහොතේ අපි හැමෝම එක්වෙලා කටයුතු කරපු ආකාරය පිළිබඳව සතුටුයි. අවතැන් වුණු කිසිම කෙනෙක් සතියකට දෙකකට වඩා කූඩාරම්වල තියන්න එපා කියලා අපිට උපදෙස් දුන්නා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මියගිය කෙනෙක්ට රු. ලක්ෂයක් බැගින් දෙන ගමන්ම අවතැන් වුණු පවුලකට කාමරයක් හරි අරන් කුලියට ඉන්න රු.7500ක් දුන්නා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියළුම දෙනා අපිට පූර්ණ සහයෝගය ලබාදුන්නා. ජාත්‍යන්තර සංක‍්‍රමණිකයින්ගේ සංවිධානයේ ගොසෙපි මහතා මම විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ කරනකොට ලොකු සහයෝගයක් ලබාදුන්නා.
මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන අයට අපේ ජනතාව පිළිබඳව සැබෑ වුවමනාවක් තියෙනවා. සමහර අය යකා මවන්න හැදුවට හිතන්න එපා මේ අය එහෙමයි කියලා. මේ අය අපිට උපකාර කළා විදෙස් ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් වැඩ පිළිවෙලක් හදන්න. ඒඅය එවන මුදල් සම්බන්ධයෙන්, පුහුණු පාඨමාලා සම්බන්ධයෙන්, විදේශ රටවලදී මුහුණපෑමට වෙන කරදර සම්බන්ධයෙන් අපිට උපකාර කළා. රටේ ඇතිවුණ මේ වෙනස පිළිබඳව සතුටු වෙලා විදේශ රටවලින් ඇවිත් උපකාර කරනවා. එහෙම කරනකොට ඇතැමුන් කියනවා අපි රට පාවලා දෙනවා කියලා. අපි බෞද්ධයින් හැටියට සියළුම ජාතීන් එක්ව ජීවත් වෙන රටක කිසිම කෙනෙක්ට වෙනසක් කරන්න අපි සූදානම් නෑ.”

