රටේ ආරක්ෂාව භාරව සිටි ඉහළම නිලධාරීන් ගේ අතිවිශාල ධනස්කන්ධය සහ ඔවුන් සතු සුඛෝපභෝගී දේපළ පිළිබඳව මේ වන විට බරපතළ සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ. හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හිටපු යුධ හමුදාපති විකුම් ලියනගේ ගේ වත්කම් පිළිබඳව නැගෙන චෝදනා මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වෙමින් පවතී.
කමල් ගුණරත්න සහ අරමුදල් ප්‍රශ්නය
ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි, කමල් ගුණරත්න ගේ අධීක්ෂණය යටතේ පැවති ප්‍රධාන අරමුදල් කිහිපයක මූල්‍ය කටයුතු විමර්ශනය කිරීම සඳහා ඔහුව කෝප් (COPE) කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබුණී. මතු පළ වන්නේ එම අරමුදල් පිළිබඳ තොරතුරු ය.
* අපි වෙනුවෙන් අපි අරමුදල
* යළි දකිමු දිඝවාපිය
* සඳහිරු සෑය
මෙම ගිණුම්වලින් අයථා ගනුදෙනු සිදුව තිබෙන බවට පැමිණිලි ලැබී තිබු අතර, විශේෂ කාරක සභාවක් හරහා ඒවා විගණනය කිරීමට කටයුතු යොදා තිබුණි. තව ද, ඔහු හදිසියේ ධනපතියෙකු වූයේ කෙසේද යන්න සොයා බැලීමට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට සහ මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිලි කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එවකට කටයුතු කරමින් සිටියේ ය. නමුත් එම රජය සමයේ ම සියල්ල ම යට ගැසීමට කටයුතු සිදුකර තිබු අතර, වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ සිදුවන විමර්ශනවල දී එම යට ගැසීම්වලට හේතුව එකිනෙකා අතර තිබු දුෂිත බැඳියාව බව දැන් පැහැදිලි වෙමින් පවතී.
විකුම් ලියනගේ ගේ වත්කම් පිළිබඳ මතභේද
මේ අතර, හිටපු යුද හමුදාපති විකුම් ලියනගේ සතු මාලිගා බදු සුඛෝපභෝගී නිවාස සහ වතුපිටි ඉඩකඩම් පිළිබඳව ද සමාජයේ බරපතළ කතාබහක් මතුව තිබේ.
* හිටපු හමුදාපතිවරුන් බඳු ඉහළ නිලධාරීන් ගේ ආදායම් මාර්ග සහ ඔවුන් ගේ පෞද්ගලික වත්කම් අතර ඇති දැවැන්ත පරතරය පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බව බොහෝ පාර්ශව අවධාරණය කරති.
* මෙවැනි දේපළ පිළිබඳ චෝදනා නීත්‍යානුකූලව සොයා බැලීම සඳහා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව හෝ මූල්‍ය අපරාධ ඒකකය මැදිහත් විය යුතු බවට මහජන මතයක් ගොඩනැගී තිබේ.
කෙසේ වෙතත් අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබු පැමිණිලි, පැරණි අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් ඉවත් කර තිබු අතර එම පැමිණිල්ලක් නැවත විමර්ශනයට ඉල්ලා ඇත. එම පැමිණිල්ල ඉවත් කර තිබුණේ වත්මන් රජයට පෙර රජයේ සිටි අල්ලස් නිලධාරීන් වන අතර, වත්මන් රජය බලයට පත් වු වහාම ඔවුන් එම පැමිණිල්ල ඉවත් කර තිබුණි. එහි දී ඔවුන් බලාපොරොත්තු වුයේ වත්මන් රජය අපහසුතාවයට පත් කිරීම යි.
රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කළ අරමුදල් සහ බලය අයුතු ලෙස භාවිත කරමින් පෞද්ගලික ධනයක් උපයාගෙන අති නම්, ඒ පිළිබඳව විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පැවැත්වීම ජනතා අපේක්ෂාවයි. අපගේ මාධ්‍ය ජාලය මෙම සිදුවීම් පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටී.
මූලාශ්‍ර - Sri Ravana Lanka News
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
