සංහිඳියාවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් !

සංහිඳියාවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් !

සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් මෙම අනුකමිටුව ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචිවීම, ඉඩම් හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෛන් ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පිහිටුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි වන බවත් ඇමතිවරයා සඳහන් කළේය. මීට අමතරව ද්‍රවිඩ සහ මුස්ලිම් නියෝජිතත්වයන් දෙකක් ද මීට පත්කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න