2023 විසර්ජන පනත් කෙටුම්පත : වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට !

2023 විසර්ජන පනත් කෙටුම්පත : වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට !

ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව වැඩිම මුදලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කළ එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහකි.

පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ.

මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවයි.

වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන මුදලරුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇත.

මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හතළිස් එක් දහසක් ද වෙන් කෙරේ.

එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න ය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද වෙන් කර ඇත.

රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.

( මූලාශ්‍රය lankadeepa )

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න