කැබිනට් නොගිය ශ්‍රීලනිපය : දෙතැනක මුණගැසී තීන්දු දෙකක් අරගනියි

කැබිනට් නොගිය ශ්‍රීලනිපය : දෙතැනක මුණගැසී තීන්දු දෙකක් අරගනියි

අද (10) ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරන කිසිඳු අමාත්‍යවරයෙකු සහභාගී නොවූ බවත් ඔවුන් කණ්ඩායම් දෙකක් ලෙස ස්ථාන දෙකකදී මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ ස්ථාන දෙකකදී මුණගැසුණු ශ්‍රීලනිප අමාත්‍ය කණ්ඩායම් දෙක වන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් පාර්ශවය සහ එම විශ්වාසභංග යෝජනාවේ විවාදය සහ ජන්ද විමසූ අවස්ථාව වර්ජනය කළ පාර්ශවයය.

23 කණ්ඩායම අමරවීරගේ ගෙදර රැස්වෙයි !

එහිදී විශ්වාසභංග යෝජනා විවාදය වර්ජනය කළ පිරිස නියෝජනය කරන 23 කින් යුතු මැති ඇමති පිරිස අමාත්‍ය මහින්ද අමරවීරගේ නිවසේ මුණගැසී ඇති බවත් විශ්වාසභංග යෝජනාවට සහය පලකළ 16 දෙනාගේ කණ්ඩායම තවත් ස්ථානයක හමුවී වෙන වෙනම තීන්දු දෙකක් ගෙන තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

duminda amaraweera 1000pxආණ්ඩුවේ දිගටම ඉන්නවා - 26 කණ්ඩායම ඒකමතික තීන්දුවක 

වාර්තා වන ආකාරයට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ මුණගැසුණු කණ්ඩායම තීරණය කර ඇත්තේ 2015 ආණ්ඩුවට එක්වන විට සාකච්ඡා කර එකඟවූ ආකාරයට ජනාධිපතිවරයාගේ ජනවරමට සහය දෙමින් දිගටම ආණ්ඩුවේ රැඳීසිටීමටය. එසේම පවතින අර්බුදයට හේතුව පක්ෂයෙන් කොටසක් කඩාගෙනයාම සහ නරක පුරුද්දක් බවට පත්වෙමින් ඇති පොදු තීන්දුවක සිට කටයුතු නොකිරීම බවත් ඒ මිස ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීම තම පාක්ෂිකයන්ට සහනයක් මිස ප්‍රශ්නයක් නොවන බවද එහිදී අවධාරණයවූ බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණකාරයන්ට ඕන විදිහට තීන්දු ගතයුතු නැහැ !

තවද ආණ්ඩුවෙන් ඉවත්වීම හමුවේ ජනාධිපතිවරයා දේශපාලනිකව තනිවීම, පාක්ෂිකයන්ට කිසිඳු සහනයක් ලබාදීමට නොහැකිවීම මෙන්ම එය පක්ෂය අර්බුදයට යැවීමට කැසකවන කුමන්ත්‍රණකාරී බලවේග වලට ශක්තියක් සැපයීමක්ද වන බවද එහිදී අවධානයට යොමුව ඇත.

THonda Douglasතොණ්ඩා සහ ඩග්ලස් ඉදිරියටත් ආණ්ඩුවේ සහයට ! 

ඒ අනුව අවසන් තීන්දුවකට එමින් එම පාර්ශවය තීන්දුකර ඇත්තේ අඛණ්ඩව ආණ්ඩුවේ රැඳීසිට ජනාධිපතිවරයා ප්‍රමුඛ සම්මුති ආණ්ඩුවට සහයදීමටය. මේ අවසන් තීන්දුව දුරකථන මාර්ගයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද සහ ලංකා කම්කරු කොංග්‍රසයේ තොණ්ඩමාන් මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයටද දැනුම්දීමට ඔවුන් කටයුතු කර ඇති අතර එම පාර්ශව දෙකද එම තීන්දුව පිළිගන්නා බවට සහතිකවී ඇත.

16 කණ්ඩායම වෙනම තැනක

මේ අතර විස්වාසභංග යෝජනාවට සහය පළකර සිටි මැති ඇමති 16 යේ කණ්ඩායම සිය සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ අමාත්‍යධුර සහ ආණ්ඩුවේ වගකීම්වලින් ඉවත්ව පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස සිටීමට ගෙන ඇති තීරණය වෙනස් නොකිරීමටය.

laxman yapaආණ්ඩුවෙන් ඉවත් වෙමු : තනතුරු අත්හරිමු : ඒත් ජනාධිපතිතුමා එක්ක දිගටම ඉමු - ලක්ෂ්මන් යාපා 

එසේම ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත්ව සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කිරීමටත් ජනාධිපතිවරයා තම පක්ෂ නායකයා බැවින් සෑම අවස්ථාවකම ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමටද ඔවුන් තීන්දු කර ඇති අතර එම යෝජනාව කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන බවද වාර්තා වෙයි.

යෝජනාව ඉදිරිපත් කරමින් ලක්ෂමන් යාපා අමාත්‍යවරයා තවදුරටත් ආණ්ඩුවේ සිටීමට උත්සාහ දැරීම තුළ ජනාධිපතිවරයා අර්බුදයට ලක්වන බවත් එය සිදුවීමට ඉඩදීම තම ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බවද සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.

19 විපක්ෂයේ වාඩිවෙනවා කිව්වත් : තනතුරු අත්හරින දිනයක් නෑ

තවද අදාළ තීරණය ඉදිරියේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවේදී ප්‍රකාශ කිරීමටත් කිසිඳු හේතුවක් මත තම ස්ථාවරය වෙනස් නොකිරීමට මෙන්ම කළින් ගිවිසගත් ආකාරයට නැවත පාර්ලිමේන්තුව රැස්වන අප්‍රේල් 19 වනදා ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගැනීම සාකච්ඡාවේ අවසන් තීන්දුව ලෙස ගෙන තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළත් තමන් දරණ තනතුරු වලින් ඉවත්වන දිනයක් ගැන සඳහනක් නොමැති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න