ජවිපෙ සහ පෙරටුගාමීන් තරගෙට කොළඹ එති !

 ජවිපෙ සහ පෙරටුගාමීන් තරගෙට කොළඹ එති !

ජන මතයට ඉඩක් – මර්දනයට තිතත් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ජන රැලියක් ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කරන ජන රැලියක් 18 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් වාර්තා වෙයි .

ඒ "සියලු අරගලකරුවන් නිදහස් කරනු! ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනු!" මැයෙන් එම රැලිය පැවැත්වෙන බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට අරගලයේ පීතෲත්වය ගැනීමට ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ඇතිව තිබෙන සීතල යුද්ධය තුළ මේ ආකාරයට තරගයට මෙන් විරෝධතා දියත්කරන බවක් නිරීක්ෂණය වන බවය.

නමුත් විරෝධතා උද්ඝෝෂණ දැක්වීමට ජනතාවට අයිතිවාසිකමක් ඇතත් මේ ආකාරයට අඛණ්ඩව සිදුකරන විරෝධතා හේතුවෙන් මෙරට වෙත ආයෝජන ආකර්ශනයට සහ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවන බව විචාරක මතය වී තිබේ.

විශේෂයෙන් පසුගිය සමයේ ලොවම අවධානය දිනාගත් සාමකාමී නිර්පාක්ෂික අරගලය පසුව ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් කළ බව සිහිපත් කරන විචාරකයන් පවසන්නේ රට තුළ සාමකාමී තත්ත්වය සම්බන්ධයෙන් සැකසංකා මතුවීම මේ නව විරෝධතා රැල්ල හමුවේ ප්‍රතිකේෂ්ප කළ නොහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති වත්මන් තත්ත්වය හමුවේ පොදුජනතාව පීඩාවට පත්වීම මේ විරෝධතා උද්ඝෝෂණ විසින් තීව්‍ර කරනවා හැර වෙනත් කිසිදු වාසියක් නොලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ මොහොතේ දේශපාලනය විය යුතුව ඇත්තේ ආර්ථික අර්බුදය විසඳීමට පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් එක්වීමට සියලු දේශපාලන පක්ෂ වෙත බලපෑම් කිරීම බවත් මතුව ඇති අර්බුදයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත සියලු පාර්ශ්ව අඩුවැඩි ලෙස සම්මාදම් වී ඇති බවත් විචාරක මතය වී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න