Language Switcher

V2025

2023 රාජ්‍ය වියදම මෙන්න !

එළඹෙන 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

මෙම විසර්ජන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට අගෝස්තු 22 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර
එහිදී එක් එක් වැය ශීර්ෂය සඳහා වන කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත්ව සකස් කළ 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය සලකා බලා තිබේ.

ඊට අනුව 2023 වර්ෂය සඳහා වන මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634 වශයෙන් සහ මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇත.