Language Switcher

V2025

ලිට්‍රෝ ගෑස් බස්සයි !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇත.

ගෑස් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඇතුළු සෙසු පිරිවැය අනුව මෙම අඩුකිරීම ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය සමයේ මෙරට ගෑස් පෝලිම් යුගයක් පැවති අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව නව පාලනාධිකාරිය විසින් එම තත්ත්වය අවසන් කර ඇත. එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීම ලිට්‍රෝ ගෑස් මිල පහත දැමුණි.