කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති  ජනපති හමු වෙති !

කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති  ජනපති හමු වෙති !


සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූහ.

ඩේවිඩ් මකිනන් 2017 ඔක්තෝම්බර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

IMG 20221003 WA0007

IMG 20221003 WA0008

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න