Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමි බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටී අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක ඊට සහභාගී විය.