GLව උඩින් යවන්න : පොහොට්ටුවේ සූදානමක් !

GLව උඩින් යවන්න : පොහොට්ටුවේ සූදානමක් !

පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් උඩින් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක අද (22) පැවසීය.

පක්ෂ මුලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වුවත් එවැනි දෙයකට හදිසියක් නොමැති බවත් ජී එල්ව සභාපති තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේ වුවත් ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසා සිටියේ හැකිනම් තමන්ව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න