Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

විදුලි බිල ගෙවීමට අසීරු පූජනීය ස්ථානවලට සහනයක් !

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහන ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය.

කඨින පින්කම් වලට පෙර විදුලි බිලට විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය .