Language Switcher

V2025

ක්‍රීඩාවයි ආර්ථිකයයි එකට ගොඩදාන : 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය ලංකාවේ !

දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්‍රධාන තරගාවලියක් වන 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය මේ වන විට කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙයි.

එහි සත්කාරකත්වය ලංකාවට ලැබී ඇත්තේ ප්‍රථම වතාවට වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් ඇතුළු නිලධාරී මණ්ඩලයට ගෞරවය පිරිණමන බව මෙරට පාපන්දු ක්ශේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ශකයන් පවසයි .

ලංකාව සමග දකුණු ආසියානු කළාපය නියෝජනය කරන ඉන්දියාව , මාලදිවයින , බංග්ලාදේශය , භූතානය, නේපාලය මෙවර තරගාවලිය නියෝජනය කරයි.

සැප්තැම්බර් 05 වනදා ඇරඹි මෙම තරගාවලිය සැප්තැම්බර් 14 පැවැත්වෙන අවසන් මහ තරගයෙන් අවසන් වීමට නියමිතය.

මේ ආකාරයට දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්‍රධාන තරගාවලියක් වන 17න් පහළ SAFF පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසන්නේ , මෙරට ඇති සමාජ ආර්ථික දුෂ්කරතා සමනය කරගන්න සහයෝගය දැක්වීමක් ලෙස එය සිදුකළ බවයි.

මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් පමණක් මෙරට ආර්ථිකයට ලක්ෂ 4-5ක් (රුපියල් මිලියන 150ක් පමණ ) වැනි මුදලක් එක්වූ බවත් වක්‍ර ලෙස ඩොලර් ලක්ෂයක් පමණ ,(රුපියල් මිලියන 35ක් පමණ ) එක්වූ බවත් සම්මේලනය පවසයි .

එසේම හෝටල් කාමර 1800ක් පමණ සංචාරකන් ලෙස භාවිතා කිරීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ට දායකත්වය සැපයීමට හැකිවූ බවත් තරගාවලිය පුරා #visitsrilanka සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට සහයෝගය උපරිමයෙන් ලබාදුන් බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි .

මේ ආකාරයට ලංකාවට පැමිණෙන්න කියා ලෝකයට පණිවිඩයක් යැවීමට ලොව ජනප්‍රියම ක්‍රීඩාවක් ලෙස පාපන්දු වට විශේෂ වැඩකොටසක් සිදුකළ හැකි බවත් රට තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන අතර , රටේ ආර්ථික සමාජ තත්ත්වය ඉහළ දැමීමට සහය දැක්වීම සිය අභිප්‍රාය බවත් ඔවුන් පවසයි .