සංවර්ධන ව්‍යාපෘතිවලට බාධා වන චක්‍රලේක සංශෝධනයට !

සංවර්ධන ව්‍යාපෘතිවලට බාධා වන චක්‍රලේක සංශෝධනයට !

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාව සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් ද සහභාගී විය.

ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජයන් විසින් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න