සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මතයි !

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මතයි !

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් අද (08) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.

සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සහ විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන පක්ෂ 7 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත .

මෙහිදී විශේෂ සිදුවීමක් ලෙස වාර්තා වන්නේ ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටීම ය.

නිෂ්පාදනය බෙදාහැරීම සහ අලෙවිය මත බදු අය කිරීමට අදාළ විධිවිධාන මෙම බදු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද උදේ 11.00 සිට සවස 5 දක්වා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න