ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි .
මේ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර ඇත .
යෝජනා ඉදිරිපත් කර ඇති අදාළ සමාගම් 24 ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරන බවත් වාර්තා වෙයි .
මෙම යෝජනා සලකා බැලීම සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
