යුවාන් වැන් 5’ චීන නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට මෙම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ දීම සඳහා පසුගියදා රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ජනාධිපතිවරයා ද එකඟතාවය පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග ද පවසයි .
එසේම මෙකී නෞකාව ලංකාවේ හම්බන්තොට වරායට ඇතුල්වීමෙන් ඉන්දියාවට ඇතිවන තර්ජනය කුමක්දැයි ලිඛිතව දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි .
නමුත් එම ඉල්ලීමට ඉන්දියාව විසින් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බවත් දැනගන්නට ඇත .
එසේම චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනියද ජනාධිපතිවරයාට සිය කනස්සල්ල පළකර ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන් ලෙසයි.
එමෙන්ම එම පණිවිඩය අඟහරුවාදා දිනයේ විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දීය රාජතාන්ත්‍රිකයන් වෙතද දැනුම් දී ඇත.
මෙම දෙපාර්ශ්වය ම ඒ පිලිබද පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ නොකළ නිසා ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව මෙම නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට ඇතුළු වී එහි නැංගුරම් යාමට නියමිතව තිබේ.
මේ වන විටත් එය අඩාල කරන ලද වේගයකින් හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරමින් ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
