අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 76ක්
ලැබුණ අතර විපක්ෂව ජන්ද 122ක් ලැබිණ.
ඒ අනුව වැඩි ජන්ද 46 කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
මෙහි වූ විශේෂත්වය වුයේ විශ්වාසභංග ලියවිල්ලට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරයාද විශ්වාසභංගයේ ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමය.
ඔවුන් දෙදෙනා අවසන් මොහොතේ ජන්දය ප්‍රකාශ කිරීමට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එසේම ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කල අතර අතුරලියේ රතන හිමියන් ජන්දය භාවිත කිරීමට සහභාගී වුයේ නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
