පාසල් අධ්‍යාපනය සතියට දින 03යි !

පාසල් අධ්‍යාපනය සතියට දින 03යි !

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් ජුලි 25 වෙනිදා නැවත ආරම්භ කෙරුණද පාසල් පැවැත්වෙන්නේ සතියට දින තුනක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊට අනුව පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුන පමණය.

බදාදා සහ සිකුරාදා යන දින දෙකෙකි නිවෙස් පාදක හෝ මාර්ගගත අධ්‍යාපනය සඳහා සිසුන් යොමුකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත .

පාසැල් පැවැත්වෙන දින තුනේදී සියලුම විෂයයන් ඉගැන්වෙන පරිදි විශේෂ කාලසටහනක් ද සකස් කළයුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය නියමිත වේලාවට පාසැල් පැමිණීම අනිවාර්යය වුවත් සාධාරණ හේතූන් මත සිදුවන නොපැමිණීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කළයුතු බවත් ඇතැම් සිසු සිසුවියන්ගේ පාසල් නිල ඇඳුම් සහ පාවහන්වල අඩුපාඩු හෝ ගැටළු හේතුවෙන් ඔවුන්ගේ පාසල් පැමිණීම අධෛර්යයමත් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න