Language Switcher

V2025

8 වෙනි විධායක ජනාධිපති ලෙස : රනිල්ගේ දිවුරුම්දීම හෙට !

මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ හෙට(21) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ හෙට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ය.

ජනාධිපති ධූරය සඳහා අද පාර්ලිමේන්තුවේදී පැවති ජන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මේ වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙතින් අවසර ඉල්ලා සිටියේය .

එහිදී සිය දිවුරුම්දීමේ අවස්ථාව සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන් වෙත ආරාධනා කළේය .