ගෝල්ෆේස් අරගල බිමට තහනම් කළාපයක් !

ගෝල්ෆේස් අරගල බිමට තහනම් කළාපයක් !

Gota go home නමින් ඇරඹි ගෝල්ෆේස් අරගල බිමට අධිකරණ නියෝගයක් හේතුවෙන් තහනම් කළාපයක් සලකුණු වීමේ පුවතක් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නිකුත්කළ නියෝගයක් මත මෙය සිදුව ඇත.

ඒ අනුව ගෝල්ෆේස් පිටියේ බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත්කර ඇත .

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

එබැවින් අදාල පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුලට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න