ජනාධිපති තෝරගන්න බලපෑම් කරේ නෑ : ඉන්දියාවෙන් නිවේදනයක් !

ජනාධිපති තෝරගන්න බලපෑම් කරේ නෑ : ඉන්දියාවෙන් නිවේදනයක් !

මෙරට අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු ජන්ද විමසීම අවස්ථාවේ ඉන්දීය දේශපාලන බලපෑම් සිදුවූ බවට පළවෙන වාර්තා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත්කර ඇත .

ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය විසින් මෙකී නිවේදනය නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

ඉන්දීය නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට ඉන්දියාව විසින් දේශපාලන මට්ටමෙන් බලපෑම් කිරීමට උත්සහ දරන ලද බවට පළ වන පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම කාල්පනික මාධ්‍ය වාර්තා අපගේ අවධානයට ලක්ව ඇත.

2. අප එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ. එම වාර්තා පැහැදිලිවම කවරකුගේ හෝ කල්පනා මාත්‍රයකි.

3. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ වටිනාකම්, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ඉන්දියාව සහයෝගය ලබා දෙන බවට සහ ඉන්දියාව වෙනත් රටක අභ්‍යන්තර කරුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට මැදිහත් නොවන බවට අවධාරණය කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න