සජිත් ඩලස්ට බූට් එක තියලා : කිරිඇල්ල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක !

 සජිත් ඩලස්ට බූට් එක තියලා : කිරිඇල්ල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක !

ජනාධිපති ධූරය සඳහා එකිනෙකාට සහය ගැනීම වෙනුවෙන් සජිත් - ඩලස් පාර්ශ්ව අතර සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන් ජනාධිපති ධූරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති නිලවරණය සඳහා තරග වදින බව නිවේදනය වී ඇති නිසා බවත් සඳහන් වෙයි.

ඒ බව තහවුරු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ නියත ලෙස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස තරග කරන බවය.

ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කර සිටියේ ය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සහය දීමට සූදානමින් සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී සඳහන් කළේය.

මේ වන විට සජිත් - ඩලස් පාර්ශ්ව සාකච්ඡාව තුළ ඩලස් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ පාර්ශ්වයේ සහය ඔවුන්ට ලැබිය යුතු බවය. ඒ වෙනුවෙන් පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධූරය ලබාදීමට සජිත් ප්‍රේමදාස වෙත සහය දීමට ඔවුන් සූදානම් බව ය.

මේ අතර ගෝල්ෆේස් අරගලකරුවන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පවත්වා ඇත .

එහිදී තමන් අරගලකරුවන්ගෙ වැඩපිළිවෙළ අනුමත කරන බවත් ඒ බව ක්‍රියාවෙන් මේ වන විට ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසූ බවත් වාර්තා වෙයි .

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට සූදානම් බව සඳහන් කර යොමුකළ ලියුම් සම්බන්ධයෙන් කිසිවෙක් ප්‍රශ්න නොකළ බවත් සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න