හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ අද (25) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ සංවිධානාත්මක අපරාධකරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහා, රැඳවුම් නියෝග ඉවත් කර, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහා සහ විමර්ශන කටයුතුවලින් මෙන් ම ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙනි.
මතු පළවන්නේ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ විසින් මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින් සිදු කරන ලද සම්පූර්ණ වීඩියෝවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
