මනෝලගේ සහය කාටද ?

මනෝලගේ සහය කාටද ?

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ජන්දය අවස්ථාවේ  දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය කාටද යන්න හෙට(19) තීරණය කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  මනෝ ගනේෂන්  පවසයි .

ඒ වෙනුවෙන් හෙට පස්වරු 6:00 ට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය  කොළඹ නුගේගොඩ ඒකනායක මාවත පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වන බවත් ඔහු පවසයි .

එහිදී   අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරග කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර  තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේ වුවත් අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ ලබාගෙන සති දෙකක් පමණ ගතවෙන අවස්ථාවේ  දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයා හට අර්බුදය විසඳීමට උත්සාහ කිරීමට කාලයක් ලබාදිය යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න