සජිත් - ඩලස් සාකච්ඡා අසාර්ථකයි !

සජිත් - ඩලස් සාකච්ඡා අසාර්ථකයි !

ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමීපතමයන් අතර අද (18) පැවති සාකච්ඡාව අසාර්ථක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අනුව මෙම සාකච්ඡාව අවස්ථාවේ කිසිදු තීන්දුවක් ගැනීමට නොහැකිව ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සජිත් පාර්ශ්වය එකඟ වුවහොත් ජන්ද 135ක් ලබාගන්නට හැකි බව ඩලස් පාර්ශ්වය පෙන්වා දී තිබේ.

එහෙත් සජිත් ප්‍රේමදාස දැඩි ස්ථාවරයක සිට කියා ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවත් ඊට ඩලස් පාර්ශ්වය සහය අපේක්ෂා කරන බවය.

එහිදී ඩලස් පාර්ශ්වය පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ ජන්ද ලැබීමට නම් ඩලස් ජනාධිපති අපේක්ෂක විය යුතු බවත් , පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධූරය සජිත් ප්‍රේමදාස ට සූදානම් බවය.

එසේම මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලුම් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ , ඩලස් අලහප්පෙරුම ,සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන කිසිවෙකුට 50%ක් ලබන්නට නොහැකි බවත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

සජිත් හිරවෙලා !

මේ අතර ඩලස් පාර්ශ්වය යෝජනා කර ඇති ආකාරයට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉවත් කරගතහොත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි .

ඒ බව මේ වන විටත් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස ගේ පෞද්ගලික හිතවතුන් පිරිස ඉන්නේ සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ලෙස හෝ ඉදිරියට යා යුතුයි යන මතයේ බවත් වාර්තා වෙයි .

මේ අතර සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවත් බරපතළ පීඩනයක් සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙතින්ද එල්ල වෙමින් ඇති බවත් වාර්තා වෙයි .

ඒ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඊට අයදුම් කරන බව පවසමිනි .

කෙසේ වුවත් සජිත් ඩලස් පාර්ශ්ව අතර තවත් රහස් සාකච්ඡාවක් අද රාත්‍රියේ යළිත් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න