ඩලස්ට ජනාධිපති - සජිත් අගමැති යෝජනාවට : සජබ බහුතරය විරුද්ධයි !

ඩලස්ට ජනාධිපති - සජිත් අගමැති යෝජනාවට : සජබ බහුතරය විරුද්ධයි !

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු ඩලස් අලහප්පෙරුම වෙත සහය පළකර ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ක්‍රියා කළොත් එම පක්ෂයේ තිහකට අධික මන්ත්‍රී පිරිසක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මේ වන විට ඩලස් අලහප්පෙරුම ජනාධිපති කර සජිත් ප්‍රේමදාස අගමැති වීමට යෝජනාවක් ඩලස් අලහප්පෙරුමගේ පාර්ශ්වය වෙතින් ඉදිරිපත් කර ඇත .

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ළඟම හිතවතුන් ඩලස් පාර්ශ්වය සමග සාකච්ඡා කරමින් සිටියි . සජිත් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ ඩලස් අගමැති ලෙසත් සජිත් ජනාධිපති ලෙසත් සර්ව පාක්ෂික ආණ්ඩුව ගොඩනැගිය හැකි බවය.

එහෙත් ඩලස් පාර්ශ්වය ඊට එකඟතාව පළකර නැති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සජිත් ප්‍රේමදාසගේ හිතවතුන් ගේ අදහස බවට වාර්තා වන්නේ ජනාධිපති ධූරය ලැබීමට ඩලස් පාර්ශ්වයේ සහය නොමැති නම් අග්‍රාමාත්‍ය ධූරය හෝ ලැබීම වැදගත් බවය.

එසේම වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පරාජය වීමක් සිදුවුවහොත් එය සමගි ජනබලවේගය පක්ෂයට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැඩි ස්ථාවරයක පසුවන්නේ දිනන්න හෝ පරදින්න විපක්ෂනායකවරයා ජනාධිපති අපේක්ෂකත්වය ලෙස ජන්දයට ඉදිරිපත් විය යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න