පොහොර බෙදීම තවත් කඩිනම් කරන්න : වැ.බ. ජනාධිපතිගෙන් උපදෙස් !

පොහොර බෙදීම තවත්  කඩිනම් කරන්න : වැ.බ. ජනාධිපතිගෙන් උපදෙස් !

ආනයනය කළ පොහොර තොග රටපුරා බෙදා හැරීම තවත් කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් නිකුත්කර ඇතැයි වාර්තා වෙයි .

කෘෂිකර්ම අමාත්‍යංශය වෙත වැඩබලන ජනාධිපතිවරයා මෙසේ උපදෙස් නිකුත්කර ඇති අතර බෙදාහැරීම් කටයුතු ප්‍රමාද කරවන කිසියම් හෝ ගැටලුවක් ඇත්නම් දැනුම්දෙන ලෙසත් එහිදී සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

පසුගියදා පොහොර මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට ආනයනය කළ අතර , එම පොහොර බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

එසේම තවත් පොහොර මෙට්‍රික් ටොන් 25000ක් ඇණවුම් කර ඇති බවත් , එම පොහොර තොගය නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න