ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.
ලිපිය ලැබී ඇත්තේ email ආකාරයට අනුව වන බවත් , මේ වන විට එහි නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන බවත් කතානායක ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .
අදාළ ලිපිය කතානායක වෙත යොමුකර ඇත්තේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත ආරක්ෂාකාරී ලෙස ගොඩබැසීමෙන් පසුවය.
වාර්තා වන ආකාරයට මේ අනුව ජනාධිපති ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ව්‍යවස්ථාවට අනුකූල ලෙස හිමිව ඇති අතර ඔහු හෙට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
