රනිල්ගේ අණ පිළිපදින්න එපා : ෆොනී හමුදාවට අණ දෙයි !

රනිල්ගේ අණ පිළිපදින්න එපා : ෆොනී හමුදාවට අණ දෙයි !

වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක හමුදාවන් ගෙන් ඉල්ලා සිටියි.

ඔහු එම ඉල්ලීම කර ඇත්තේ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.

හමුදාවේ අවි දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව ඔසවන ලෙසත් එහිදී සඳහන් කර ඇත .

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

 නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි,

'' අනීතිකව ජනාධිපතිදූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හදුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කල බවට මේවන විට ජනතාව තුල රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුද සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතල අවධානමක් මතුවෙමින් පවතී.

කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත් ඔබගේ අවි දූශිත දේශපාලකයොන්ට එරෙහි ඔසවන ලෙසත් මම යලි යලිත් අවධාරණය කරමි.

මේ මොහොතේ මමත් අරගල භූමියේ රැදී සිටින අතර ජනතාව සමග ඉදිරිපෙල සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.''

Sarath FB20222

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න