නීතීඥ නුවන් බෝපගේ ගෙන් නීතීඥ සංගමයට කනේ පාරක් !

 නීතීඥ නුවන් බෝපගේ ගෙන් නීතීඥ සංගමයට කනේ පාරක් !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී නීතීඥ නුවන් බෝපගේ විසින් ශ්‍රීලංකා නීතීඥ සංගමයට සහ එහි සභාපතිවරයාට දැඩි විවේචනයක් එල්ලකොට තිබේ .

ඊයේ දින (12) ශ්‍රීලංකා නීතීඥ සංගමය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වාදය පිළිගන්නා ලෙසත් නීතියේ ආධිපත්‍යයට සියළු දෙනා ගරු කල යුතු බවත් සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම ජනාධිපති මන්දිරය වැනි පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම ස්ථාන වගකිව යුතු රාජ්‍ය අංශ වෙත කඩිනමින් භාරදීමේ වැදගත්කම ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙයට පෙර අවධාරණය කර තිබුණි.

එම නිවේදනය නිකුත් කර විනාඩි කිහිපයක් ඇතුළත නීතීඥ නුවන් බෝපගේ විසින් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින්ය.

'රනිල්ට ඇති ප්‍රේමය මේ මොහොතේ ප්‍රකාශ වන්නේ නීතියේ ආධිපත්‍යට ජනාධිපති මන්දිරයට ඇති ප්‍රේමයේ ස්වරූපයෙනි' යනුවෙන් ප්‍රකාශකර තිබේ.

මෙයට පෙර නීතීඥ නුවන් බෝපගේ ගේ දේශපාලන නායක කුමාර් ගුණරත්නම් විසින් නීතිය යනු අරගලයයි යනුවෙන් ද ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු සඳහන් කරන ලද්දේ මෙලෙස නීතීඥ සංගමය අවඥාවට ලක් කිරීම නීතීඥ නුවන් බෝපගේ විසින් සමස්ත වෘත්තීයටම සිදුකරන බලවත් හානියක් වන බවයි. නීතිය යනු අරගලයයි යනුවෙන් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කරන සන්දර්භයක නුවන් බෝපගේ ගේ ප්‍රකාශය නීතීයේ ආධිපත්‍යයේ හෙට දවස පිළිබඳව බරපතල සැක සංකා ඇති කරනු ලබන බව එම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

IMG 20220713 WA0016

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න