රටින් පිටවූ ගෝඨාභය : මාලදිවයිනට !

රටින් පිටවූ ගෝඨාභය : මාලදිවයිනට !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 යානයකින් කටුනායක සිට අද (13) අලුයම මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී ඇති බව වාර්තා වෙයි .

මාලේ ගුවන් තොටුපොළට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට එරට ආරක්ෂක අංශවල ආරක්ෂාව ලැබී ඇති අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාලේ ගුවන්තොටුපළට පැමිණිය ද විරෝධතාකරුවන්ට ඔවුන්ට ළඟා වීමට නොහැකි වී තිබේ.

තමන් අද දින ජනපති ධුරයෙන් ඉවත්වන බවට මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාට සහ කතානායකවරයාට සහතික වී තිබිණි.

එසේ වුවද මෙතෙක් එවැනි නිල දැනුම් දිමක් සිදු නොවුණු පරිසරයක් තුළ ජනාධිපතිවරයා සිය බිරිඳ සමග මෙලෙස රටින් පිටව ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ ජනපති මැඳුර අරගලකරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසු දින හතරක් තිස්සේ ජනතාව ඉදිරියට නොපැමිණි ජනාධිපතිවරයා රටෙන් පිටව ගොස් තිබෙන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න