ලබන සඳුදා (13) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් මෙසේ විශේෂ නිවාඩුව ලබා දී ඇති බවයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව දැනුම් දෙමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එළඹෙන 14 වැනි දා එනම් අඟහරුවාදා පොසොන් පොහොය යෙදී තිබීම නිසා එදින ද රජයේ නිවාඩු දිනයකි.

සියළුම පාසලුත් වැසේ
මේ අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ජුනි 13 (සඳුදා) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
