ධම්මික එනවට වියත්මග විරුද්ධයි : ගොඩහේවා ප්‍රහාරය අරඹයි !

ධම්මික එනවට වියත්මග විරුද්ධයි : ගොඩහේවා ප්‍රහාරය අරඹයි  !

බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ලබන්නාට ඒ සමග ලැබීමට නියමිත ප්‍රබල අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ විරෝධයක් මතුව ඇත.

වඩාත් සුවිශේෂී සිදුවීම වන්නේ මේ විරෝධය සඳහා ජනාධිපතිවරයාගේ 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ද මැදිහත්ව තිබීමය .

එහිදී සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍ය , වියත්මග සංවිධානයේ කැඳවුම්කරු නාලක ගොඩහේවා පවසන්නේ ජන මතයෙන් පත්වූ අයෙකුට අමාත්‍ය ධුර වගකීම බාරදුන්නානම් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

lk

''මෙතරම් විශාල ආයතන ප්‍රමාණයක් මෙතෙක් කල් අමාත්‍යවරයෙකුට පවරා නොතිබුනේ ඇයි ?. ඉන් රටට යහපතක් වීද ? දැන්වත් මේවා වෙනස් වන්නට පටන් ගෙන තිබීම යහපත් ප්‍රවේශයක් විය හැක. ජන මතයෙන් පත්වූ අයෙකුට වගකීම බාරදුන්නානම් තවත් ප්‍රජාතන්ත්‍රවාදීය.'

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීමට ජනාධිපතිවරයා ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් යයි.

මේ වන විට සඳහන් වන්නේ ඒ කෝටිපති ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා වන බවය.

ඔහු මේ වන විට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති බවත් , එසේම අමාත්‍ය ධූරයක් දැරීමට ඇති නීතිමය බාධාවක් හේතුවෙන් මේ වන තුරු සිටි සමාගම් වලින් ද ඉල්ලා අස්වී ඇති බවටත් සමාජ මාධ්‍ය වාර්තා පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න