අලුත් අමාත්‍යංශ 2ම දැඩි බැසිල්වාදින් දෙදෙනෙකුට : ඒ ධම්මික සහ පවිත්‍රා !

අලුත් අමාත්‍යංශ 2ම දැඩි බැසිල්වාදින් දෙදෙනෙකුට : ඒ ධම්මික සහ පවිත්‍රා !

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රබල අමාත්‍ය ධූර 2ක් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති අතර ඒ අමාත්‍යංශ දෙක දැඩි බැසිල්වාදින් දෙදෙනෙකු වෙත ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මේ වන විට ජනාධිපති ගෝඨාභය නිකුත්කළ ගැසට් නිවේදනය අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කර ඇත .

අදාළ අමාත්‍යංශවල කාර්යභාර සහ ආයතන ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර ඇත.

ඒ අනුව, තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 15ක් ඇතුළත් වේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

එමෙන් ම, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් කර ඇත.

බැසිල් රජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය වෙනුවෙන් පත්වීමට නියමිත ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවෙන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය නිර්මාණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එසේම, මැයි 09 වෙනිදා සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන්වූ වහාම හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා දේවි වන්නිආරච්චි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට නියමිතබව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය අවසන් මොහොත දක්වා බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරී වූ අතර ධම්මික පෙරේරා ව්‍යාපාරිකයාද බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ අතිශය හිතවතෙකු ලෙස ප්‍රකට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

eog 2022.06.10

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න