ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි .
ඊට අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදුව ඇත .
කලුතර , ගම්පහ , ගාල්ල , රත්නපුර යන දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් අපදා වලට පත් ජනතාව ට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙස බවත් එහිදී සඳහන් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
