සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක භූමිකාවට අමතරව කපුටු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවටත් එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර චෝදනා කළේය .
21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව පැවැසූ එජාප මහ ලේකම්වරයා රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
