ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
අපරාධ හා රථ වාහන දිසාව භාරව සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ , දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ඩී.ආර්.එස්. දමින්ද , නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
නැගෙනහිර පළාත භාරව සිටි වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එල්.කේ.ඩබ්ලිව්. කේ. සිල්වාට අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් කර ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
