මහින්දගෙන් සජිත්ට පණිවිඩයක් !

මහින්දගෙන් සජිත්ට පණිවිඩයක් !

අගමැති මහින්දගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, ලැබුණු පණිවිඩයක් සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

වාර්තා වන ආකාරයට මෙම පණිවිඩය එවා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ ගේ බාල පුතු ගේ සමීපතම මිතුරෙකු හරහා ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට '' විස්වාස භංගයක් ගෙනත් මහින්ද අගමැතිතුමාව එලෙව්වොත් , විපක්ෂ නායකකම මහින්ද ගන්නවා..'' යන්න එම පණිවිඩය වී තිබේ.

විපක්ෂ නායක නාමල් ?

මේ අතර වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර ඇති බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් නොකරන්නැයි එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

යම් හෙයකින් අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග විපක්ෂයට ගොස් නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න