ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලොක්කත් : ජනාධිපතිට එරෙහිවෙලා !

 ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලොක්කත් : ජනාධිපතිට එරෙහිවෙලා !

"සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතාවල නියැලෙමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්” සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය පවසයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ නිර්පාක්ෂික ආණ්ඩු විරෝධය සාධාරණීකරණය කරන මේ සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක් පතිරගේ බවත් ඔහු මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස ද කටයුතු කරන බවත් ය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ පත්වීමක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ගේ සමාගමේ මේ විරෝධය දෛවයේ සරදමක් බවත් ලෙස සැලකිය හැකි බවත් විචාරකයන් පවසයි.

මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ව්‍යාපාර 08 ක් ආණ්ඩුව වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන් අවධානය යොමුකර ඇත.

මේ මහා පරිමාණ ව්‍යාපාර වන්නේ මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සමූහ ව්‍යාපාරය, ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය, සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය සහ බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම ය.

මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අට සිය ලිපිය හරහා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුව ලැබූ ජනවරම මේ වන විට අහෝසි බවට මේ ලිපිය නිදර්ශනයක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න