වැරදි පිළිගත්තා නම් ඉල්ලා අස්වෙන්න : සුදර්ශනීගෙන් ජනාධිපති ට ප්‍රහාරයක් !

වැරදි පිළිගත්තා නම් ඉල්ලා අස්වෙන්න : සුදර්ශනීගෙන් ජනාධිපති ට ප්‍රහාරයක් !

"අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ." යැයි හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත්තේ 'මව්රට’ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා ඇත.

‘ආණ්ඩුව දැන් හිසරදයට කොට්ට මාරුකරනවා වගේ අලුත් කැබිනට් එකක් හදලා. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. අයි.එම්.එෆ්. යන එකට බාධා කළේ අජිත් නිවාඩ් කබ්රාල්. එයාගෙ හිතුමතයට තමයි මහ බැංකුව පාලනය කළේ.

ජනාධිපති ගොවීන්ගෙ ප්‍රශ්නයෙදිත් එහෙමයි. කාබනික පොහොර ප්‍රශ්නය වසර පහක දිගු සැලැස්මක් තුළ කළයුතු බවට යෝජනා කළ කෘෂිකර්ම උපදේශකවරු, ලේකම්වරු ඒ තනතුරුවලින් ඉවත් කළා. කාගෙවත් අදහස් යෝජනා ගනන් ගත්තෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් පවා වැරැදි තොරතුරු දුන්නා. හරි තොරතුරු දුන්නෙ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන එක හරියට කළා නම් ගොවි ජනතාව අද පාරට වැටෙන්නෙ නැහැ. මේ රට ස්වයංපෝෂිත කළේ ගොවි ජනතාවයි. ඒක ජනාධිපති අමතක කළා. අද ඒ අයට පොහොර ටික ලැබිලා වෙලාවට ගොවිතැන් කරන්න ලැබුණ නම් ගොවි ජනතාවට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ අයගෙ පිහිටෙන් බඩගින්න දැනෙන අනිත් අයටත් සහල් ටිකක් අඩු මිලට කන්න හැකි වෙනවා. නමුත් ඒ අවස්ථාවත් අද රටේ ජනතාවට අහිමි වෙලා. අහස උසට බඩුමිල. තවමත් ඉල්ලා අස්වෙන්නෙ නැතිව බලා ඉන්නේ මොකද කියන එක අපටත් ප්‍රශ්නයක්. බලන්න පසුගියදා ඇතිවුණු රඹුක්කන සිද්ධිය. ඒ අහිංසකයා මියගියේ නිරපරාදෙ. රඹුක්කන සමුපකාර සංගමයට ගෙන එන්න තිබුණු බවුසරය පමා කරලා ගෙනාවෙ. එදා මැදියම් රාත්‍රි ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවයි. ඒ නිසාම ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වුණේ. ඒකයි ඇත්ත.’

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ වන විට ආණ්ඩුවට සහය දීමෙන් බැහැරව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න