ගෝල්ෆේස් අරගලය අල කරන : කොටුව පොලිසියේ උත්සාහය ව්‍යර්ථයි !

ගෝල්ෆේස් අරගලය අල කරන : කොටුව පොලිසියේ උත්සාහය ව්‍යර්ථයි !

#GoHomeGota සටන් පාඨය ප්‍රමුඛ කරගත් වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ ගෝල්ෆේස් ආශ්‍රිතව දියත්කර ඇති පොදුජන අරගලයට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමට පොලිසිය දැරූ උත්සාහයක් අද (23) ව්‍යර්ථව ඇත.

අප වාර්තාකරුවන් පවසන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලිසිය ඉල්ලා ඇත්තේ ගෝල්ෆේස් අරගල බිමේ විරෝධතා ව්‍යාපාරයේ නිරත පිරිස ප්‍රචණ්ඩකාරී හැසිරීම වළක්වන්න නියෝග කරන ලෙසයි.

එහිදී අදාළ විරෝධතාවය මෙහෙයවන 16 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසීය පෙන්වාදී ඇත්තේ , පුරා දින ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ගාලු මුවදොර පිටියේ රැස්වී විරෝධතාවක නිරතවීමෙන් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපොළවලට හානි කිරීමේ ප්‍රවණතාවක් පවතින බවය.

කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. ප්‍රභාකරන් අදාළ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇත.

ඒ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මහජන පීඩාවක් සිදුවීමට පෙර විරෝධතාකරුවන්ට නියෝග පැනවීමේ හැකියාවක් නොමැති බවත් එවැනි නීතිවිරෝධී ක්‍රියාවක් වන්නේ නම් පොලිස් ආඥා පනත අනුව නිසි පියවර ගැනීමේ බලය පොලිසීයට හිමි බව ද, කොටුව පොලීසියට පෙන්වා දීමට මහේස්ත්‍රාත් කටයුතු කර ඇත.

ඒ අවස්ථාවේ විරෝධාතකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට නීතිඥයින් විශාල පිරිසක් පැමිණ සිටි බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න