පැය 48 ක පමණ කාලයක් අමාත්‍ය ධූරය දැරීමෙන් පසුව නාලක ගොඩහේවා ඉල්ලා අස්වීම ලබාදී ඇති බව වාර්තා වෙයි.
මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ ගොඩහේවා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විසි වෙනිදා ජනාධිපතිවරයාට යොමු කර තිබූ බව පවසමිනි.
දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු වෙමින් යන නිසා අදාළ ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍යවලට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසීය.
මීට පෙර අලිසබ්‍රි ද මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ නමුත් පසුව ඔහු තවදුරටත් ධූරයෙ කටයුතු කරන බව නිවේදනය විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
