ඉහළ දැමූ ගෑස් මිල ක්ෂණිකව රිවර්ස් කළේ ඇයි ?

ඉහළ දැමූ ගෑස් මිල ක්ෂණිකව රිවර්ස් කළේ ඇයි ?

ආණ්ඩුව ගෑස් සිලිණ්ඩරයක් රුපියල් 2500 ක තරම් බරපතළ මිල ඉහළ දැමීමක් සඳහා අද (22) සූදානම් වූ නමුත් ආණ්ඩුවට එරෙහි ජනතා නැගිටීම හමුවේ එය හකුළාගෙන ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පවසන්නේ මීට පෙර ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ දැමීම අත්තනෝමතික ආකාරයට සිදුවූ බවයි.

ජනතාව මේ මොහොතේ ආණ්ඩුවට විරෝධයක් නොදක්වන්න කිසිම ලෙසකින් මෙවැනි හැසිරීමක් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකි බවත් ඔවුන් පවසයි.

මේ වන විට ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස්දී ඇති බවය.

මේ මිල ඉහළ දැමීම සිදුවූවා නම් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ යාමට තිබිණ.

සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බවත් අමුතුවෙන් කියයුතු නැත.

ලිට්‍රෝ සමාගම සූදානම් කර තිබුණේ අද (22) මධ්‍යම රාත්‍රියේ මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමටය.

එක් පසෙකින් වෙළෙඳ පොළ තුළ ගෑස් හිඟයක් පවතී. ඒ ගිඟය නිසා මිනිසුන් පෝලිම්වලය. මේ ආකාරයට ගෑස් මිල ඉහළ දැමීම හරහා මුදල් හිඟ බැවින් පෝලිම් අවසන් කිරීමට හැකි බව ආණ්ඩුවේ විශ්වාසය විය හැකි බවත් විචාරකයන් පවසයි.

එසේම කෘතිම ආකාරයට වෙළෙඳ පොළ තුළට නිකුත්කළ මුද්‍රණය කළ මුදල් තොග මේ හරහා යළි රැස්කිරීමක් වන බවත් , එය වරදක් නොවන නමුත් , වැරදි සහ අත්තනෝමතික ලෙස මුදල් මුද්‍රණය කර වෙළෙඳ පොළට මුදාහැරීමට වන්දි ගෙවන්නේ ජනතාව බවත් විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න