ජනතා හඬට ඇහුම්කන් දී ආණ්ඩුව ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඒ පාර්ලිමේන්තුවේදී අද (8) අදහස් දක්වමින් ය.
සියලුම දෙනා නැවත ජනතාව ඉදිරියට යෑමට හැකි පරිදි තීන්දු ගත යුතුව ඇතැයි එහිදී පැවසූ විපක්ෂනායකවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යුතු බවද සඳහන් කළේය.
පෙරවරුවේ විපක්ෂ නනායකවරයා ගේ මේ කතාවෙන් පසුව පස්වරුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
