පාර්ලිමේන්තුවේ නව කැබිනට් මණ්ඩලය හෙට (08) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ඇමතිකම් බාර ගැනීම සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප වීම නිසා නව කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
- news wave
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
